Villuda Punchi Depa

H.R. Jothipala

විල්ලුද පුංචි දෙපා
කලු කර ගන්න එපා
අව්වට යන්න එපා දාවලේ
අවලස්සන වේවී සිරියාවී
මට රිදවන්න එපා
මග හැර යන්න එපා
තරහා වෙන්න එපා මේ වගේ
අනුකම්පා නැතිදෝ සිරියාවී
මේ හැටි ආඩම්බරදෝ
පූරුවෙ පිනෙන් ලබූ මගෙ දේවී

උදයට පින්නව්වගේ
සයුරට රැල්ල වගේ 
ඉන්නේ මන්නේදෝ සීදේවී
හිත වාවන්නෙ නැතී
දිවි නහ ගන්න හිතයි
ඩිංගක් හිනහෙන්කෝ සීදේවී
සරදම් චාටු කතා
මට කීවාට ගොතා
ආයෙත් රැවටෙන්නේ නෑ 
මායම් අරුමෝසම් වරදීවී

ගිනියම් අව්ව වැදී
හැඩ රූ යාවි මැකී
මගෙ හිත ඒහින්දා වැලපේවී
හිරි පොද බිංදු වගේ
දෝතට එන්න මගේ
මගෙ සිත ආදරයෙන් හිනහේවී
පියුමට සුවද වගේ
සුවදට පියුම වගේ 
සිතුවිලි අපි දෙන්නාගේ
දවසක අපි ලෝකේ රජවේවී