Unmadaniye Wen Wee

H.R. Jothipala

උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
සන්වේගය ඉවසමි මම කදුලු හලාලා
ඔබගෙන් තව පැල්පතකට එලිය ගෙනේවා
මට දුන් දුක වෙන හදවතකට නෙදැනේවා
උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා.....

ඔබේ දෙනෙත් අභියස එක රුවක් මැවේවා
ඉබේ සැලෙන සිත මින්පසු වෙනස් නොවේවා..//
අගේට දිවි කුසලානය මිහිර පිරේවා...
මගේ දුකත් ඔබෙ සන්තෝසයට හැරේවා

උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
සන්වේගය ඉවසමි මම කදුලු හලාලා
ඔබගෙන් තව පැල්පතකට එලිය ගෙනේවා
මට දුන් දුක වෙන හදවතකට නෙදැනේවා
උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා..

අවුවෙහි ඇති සැඩ රැස් මාලා අඩුවේවා
ගවුවෙන් ගවුවට සුවිසල් මැදුරු මැවේවා..//
දුක දොම්නස බාධක කම්කටොලු දැවේවා....
සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා

උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
සන්වේගය ඉවසමි මම කදුලු හලාලා
ඔබගෙන් තව පැල්පතකට එලිය ගෙනේවා
මට දුන් දුක වෙන හදවතකට නෙදැනේවා

උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා..
උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා..