Soduru Lowata Mal

H.R. Jothipala

සොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා

රෝස මලට හිත වැටිලා
බඹරෙකු සේ මා සොයලා
ඈත හිටන්
ඈත හිටන් ආවදෝ
ඔබ පියඹාලා
මා ආදරේ පායන් හදේ
මා ආදරේ පායන් හදේ

ගුණ සුවඳට මත් වෙනවා
හද මල් උයනක් වෙනවා
සිත උතුරා
සිත උතුරා ගලන පැයේ
ඔබ ළං වෙනවා
මා ආදරේ පායන් හදේ
මා ආදරේ පායන් හදේ