Seethala Sanda Eliye

Gunadasa Kapuge

සීතල සඳ එළියේ
පීදුණ සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන් ...//

සඳළුතලාවේ මුනින්තලාවී
ඈත බලාගෙන කඳුළු සලන්නී
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන්

සදාහරිත වන රේඛා මැද්දේ
මලානිකව ගලනා සඳ එළියේ ...//
රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක
බඹරො නුඹ නාඬන්
බඹරො නුඹ නාඬන්

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - හඩ්සන් සමරසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ