Sal Sapu Naa Nil Mahanel

H.R. Jothipala

සල් සපු නා නිල් මහනෙල්
කුමුදු සමන් - මල් අතරේ..//
කිඩාරම් මලේ පවා..සුවඳ දිග හැරේ..
කිඩාරම් මලේ පවා..සුවඳ දිග හැරේ..

පළිඟු රුවන් මිණිමුතු මෙන් 
පහන් දිලෙනවා..
එබඳු පහන් අඳුරු විමන් 
පහන් කරනවා..
වැලිතලේ - සැඟවිලා - රුවන් හැදෙනවා..
එය හැඟී නෙත මගේ කඳුළු සලනවා..

සල් සපු නා - නිල් මහනෙල්..

වීණාවෙන් බිළිඳු තතින් මිහිරි 
ස්වර වැයේ..
සුපෙම් හැඟුම් උපද්දවයි 
දුගී වුව ළයේ..
කළු වළා - වල පවා - රිදී ඉරි තියේ..
කිමද මේ නියදහම් අමතක ව ගියේ..

සල් සපු නා - නිල් මහනෙල්..