Punchi Doni Tharaha Wela

H.R. Jothipala

පුංචි දෝණි තරහා වෙලා
පුංචි දෑසේ කදුලු සලා
රනින් මාල ගේනවා කියා
තාත්තා දුව රවටලා..//

ගල් ලෑලි ගල් කූරු නෑනේ-දූට ඉස්කෝලේ ගුටි කන්න වේදෝ
සුදු ගවුම ඉරිලා ගියාදෝ-යාලුවෝ ඈට ඔච්චම් කලා දෝ
ඉවසන්න මා පුංචි දෝණි 
නුඹ හින්දානේ මා දුක් විදින්නේ

පුංචි දොණි තරහා වෙලා....

ලොතරැයිය තව කවුද ගන්නේ -ලක්ෂයේ දිනුම මටනේ ඇදෙන්නේ
නුඹ මාලිගාවේ තබන්නේ - එය දැක ගන්න මට පින් ලැබේ දෝ
ඉටුවේවි දුක් පැතුම මාගේ
සාප නොකරන්න තාත්තාට දූගේ

පුංචි දෝණි තරහා වෙල.....