Mandanawa Karanawa Wandanawa

Nanda Malani

මන්දනාව කාරනාව යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ

කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා
කිරි වෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා

ඉකි බිඳ බිඳ මං හැඬුවලු මහ රෑ නින්දේදී
නඩේ ඈයො විහිළු කලා වැඩිහිටි කන්දේදී

ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ
තැන් තැන්වල නිදි මැරුවා තිස්සමහාරාමේ

මන්දනාව කාරනාව යන්ද අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ