Mage Krishna Soya

H.R. Jothipala

මගේ ක්‍රිෂ්ණා සොයා 
මා පියඹා ගියා 
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ 
මල්සර හී වැදී නෙත් පැටලී හිදී 
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ 

සසරේ පෙරුම් දම් විලසින් බැඳී 
හද පෙම් කැදැල්ලේම සතුටින් හිදී..//
ආසිරි ගී ගයා පීදේ මල් හිනා 
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ 

මගේ ක්‍රිෂ්ණා සොයා මා පියඹා ගියා
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ..

හැමදා පැතූ සේම සෙනෙහෙ වෙලී 
මියෙනාතුරා හිදිමු සතුටේ ගිලී..//
මතු සසරේ ඔබේ දෑත මටමයි ළඳේ
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ 

මගේ ක්‍රිෂ්ණා සොයා මා පියඹා ගියා 
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ..

සසරේ පෙරුම් දම් විලසින් බැඳී 
හද පෙම් කැදැල්ලේම සතුටින් හිදී..//
ආසිරි ගී ගයා පීදේ මල් හිනා 
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ..

මගේ ක්‍රිෂ්ණා සොයා මා පියඹා ගියා 
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ 
මල්සර හී වැදී නෙත් පැටලී හිදී 
ප්‍රේම පාරාදීසේ ප්‍රේම පාරාදීසේ