Ma Inne Andakare Dan

H.R. Jothipala

මා ඉන්නේ අන්ධකාරේ දැන්
ඉවසන්නබෑ මේ තරම්
ආදරේ සෑම දා වුණා සුන්
විඳගන්න වේදනාව පෙම්...//

මා ඉන්නේ අන්ධකාරේ දැන්..

මා සැදූ මාලිගේ පණ වගේ රැක බලා
ආදරෙන් සෑම දා ඇයි ඔයා ගෙන ගියේ
විඳ දරා ඉන්න බෑ මා හිතේ වේදනා..//

මා ඉන්නේ අන්ධකාරේ දැන්...

ඔබ නිසා මා හෙලූ කඳුලැලි දිනපතා
සාගරේ වාගේ මේ දිය සුලි එයි නගා
වාලුකා කතරේ මා ඉන්නෙමි ඔබ පතා..//

මා ඉන්නේ අන්ධකාරේ දැන්
ඉවසන්න බෑ මේ තරම්
ආදරේ සෑම දා වුණා සුන්
විඳගන්න වේදනාව පෙම්...//

මා ඉන්නේ අන්ධකාරේ දැන්