Ko Ma Pathu

T.M. Jayarathna

කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ.......

ආවේ එදා මා තනිවී ලොවේහී
නැතිවී ගියා ඒ පැතුමන් මෙහී.....//
යලි මා අනාතයි උතුරා ගලා යයි
සංවේදනා......

කෝ මා පැතූ.......

ඈ හා අතීතයේ ගැයු ගීත රාවේ
මුසුවී ඇසේවා සුලගේ පවා..... //
කෙවිලී කැදැල්ලෙ කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා...

කෝ මා පැතූ.......

පායා පහන් වූ රන් තාරකාවෝ 
අඳුරේ දමා මා නොපෙනී ගියා..... //
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන් තාරකා..... 

කෝ මා පැතූ.......