Hanthana Adawiye

Nanda Malani

හන්තාන අඩවියේ 
මැදුරු කුළුණු සුදු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ 
කුසුම වදුලු තුරු සිරස හමාගෙන 
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ 

කුසින් අඩක් දළ අහරින් සකසා 
කෙසඟ සිරුරු රලු යහනේ සතපා 
අනියත හෙට ගැන සිතමින් 
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ 
නලියන රුධිරේ උනුසුම් සුසුමයි 
ප්‍රේමයේ සුවඳ නොවේ 

පීඩනයෙන් තැනසර හිස ඔසවා 
පෙරමුණ ගත් වරදට වෙඩිසැර කා
මළ සොයුරන් සිහිකරමින් 
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ 
පුපුරන මනසේ කකියන පැතුමයි 
ප්‍රේමයේ සුවඳ නොවේ 

හන්තාන අඩවියේ........