Duka Hadu Dena Reye

Gunadasa Kapuge

දුක හාදු දෙන රැයේ
සිත පතුලටම වෙලා
යෞවනේ අපට විය විරහී
හද ගිලන් වෙලා

ගහකොළද මල් පිපේ ඇළ දොළ
විල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ
ඒ රුවට රැවටුනේ

නන්නාදුන ලෙසේ මගතොට
යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි
යමු දුරස්‌ වෙලා