Dola Laga Guru

Nanda Malani

දොළ ළඟ ගුරු පාර දිගේ ඒවී
සිනහ පපා ටිකිරි නඟා
දිය නාගෙන කුඹුක් ළි‍ඳේ නංගෝ
සුදට සුදේ වන මල් ගසාලා හිසේ
නැළවී නැළවී සීතේ ගී තාලෙන්
මේ යන්නේ කොහිදෝ කැලෑ මගේ
ඒවී සිනහ පපා ටිකිරි නඟා

සැන්දෑවේ සිරියාවේ පීනා න‍ඟෝ
නීල වලා පාවී සිනා
රූ බෝවී එන්නේ මේ සුදු මැණිකො දැන්
ඇයිදෝ මේ තාම වෙලේ ගෙදර නොයා
ඒවී සිනහ පපා ටිකිරි නඟා

ඇයි නෑවේ සීත සැඳෑ යාමේ
තෙත කොණ්ඩේ බේරේ දිය බින්දු පුරා
ඉතිරේ කිරි වීදේ සිරියාවෙන්
ගමේ ටිකිරි නඟා සිරියාවී ගමේ
ඒවී සිනහ පපා ටිකිරි නඟා