Ahasa Usta Nega Giyata

Gunadasa Kapuge

අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාලිගා තැනුවට
අපි පොළොවේ සිටින්නේ

ලඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ

සිමෙන්ති කඳුලින් දියකර
සත් මහලයි තනන්නේ
පලංචියේ කිරි කිරියයි
අපේ දුකට හඩන්නේ