Abisarikawange Unmada

Gunadasa Kapuge

අභිසාරිකාවන්ගේ
උන්මාද නෙතු අතරේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුනේ

රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුනේ

ආදරය යන වදනේ
මනු‍ලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි හැඟුනේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුනේ