Aatha Kadukara Himaw

W.D. Amaradewa

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ළපලු සෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ

සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලඳ ලියන්ගේ සිහින අතරේ
රැඳෙයි ඒ රූපේ

රනින් කළ වන් පුළුල් උරයෙන්
හසුන් ලමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ